මහ වැස්ස


නුඹ ඇද හැලෙයි
වේගයෙන්,
නිමාවක් නොමැති
අනෝරාවක් වී….
ඈත මුහුදේ,
පෙනී නොපෙනෙ
ක්ෂිතිජ රේඛාව,
තනි වළාකුළක් වී….
සිහින දනව්වට ඔබ්බෙන්
විකසිත වුනු කුසුමකට දැනෙනා
වේදනාව,
දුක,
හිස්බව,
නුඹට දැනෙනවා නොවේද?
මෙතරම් වේගයෙන්,
තදින්,
වැටෙන්නේ ඒනිසා නොවේද?
උඹේ දුක වගේම
මගේ දුකත් වැඩිවන විට
ඇද හැලෙන්නේ කෙලෙස
මම
ලොවටම වේදනාවක්වී….

රුසිරු බොතේජු

Advertisements

මිහිඳුම් සේද


මිහිඳුම් රැලිමතින්
විලි වසාගත් නුඹ
සේද මාවතේ හුන්නද
නැත සළුපිළි
පිරිවරා..
සිහින දනව්වට එහා
අනන්තය පෙනී
නොපෙනෙන මානයේ
කුමන අඟූන් දෙසදෝ
බලන්නේ නුඹ
හැඟුම් බරවූ
බැල්මකින්….

රුසිරු බොතේජු

විපරීත


ඔළුවට එන
වචන ටික
කියාගන්නට බැරුව
ලියාගන්නට බැරුව
ඉරට බැන බැන
හඳට බැන බැන
මටම බැන බැන
*******************
මිනිස්සු නොවෙද අපි
යන්තර වීද අපි….
අත තබමි
පපුවට.
ඇසුවට
හදෙහි රිද්මය සොයාගෙන
හැමදාම දැනුණු එකම තමයි
විස්වාස නැහැ මට
සොයමි පිහියක්
පලන්නට පපුව….

රුසිරු බොතේජු

නිදහස සොයා


ජීවිතේ ගෙවෙනකම්
මැරි මැරී ඉපදෙමින්
එක් මොහොතකට නැවතෙමින්
දිවි අවැසිවේ අවැසිවේ…..

තරඟයක් යැයි සිතා
දිවි වෙන්වුනත් මතකයෙන්
වේගයෙන් දිවයමී
දිවි සොයමිනේ සොයමිනේ…..

වළෘකුළුමත සිටන්
මුළු ලෝකයම පසුකරන්
සියොතුන් රැල තුටින්
මා පියඹමී පියඹමී…..

රුසිරු බොතේජු