කාලය ගෙවී ඇත

ගෙවී ඇත කාලය
කුඩා කල සිට
මැවූ සිහින
සැබෑවී ඇත්ද?
උසස් පෙළ සමත් වී ඇත,
සරසවි වරම් ලැබ ඇත,
උපාධිය ලබා ඇත,
රැකියාවක්ද ලැබී ඇත,
මින් ඉදිරියට
කුමක් කළ යුතුද?

කුඩා කල සිටි මිතුරන්
බොහෝ කලෙකින් දැක නැත…
බෝඩිමේ සගයින්
උනුන් නිවෙස් බලා ගොස් ඇත…
සරසවි මිතුරන් මිතුරියන්
කලෙකින් දැක නැත
පෑන අතට හුරු නැත…
කාලය ගෙවී ඇත

සිතේ….
සොම්නසද, දොම්නසද,
ඉතිරිවී ඇත…..

රුසිරු බොතේජු

Advertisements

නිමිති


නිමිති නම් පෙර නිමිති අරගෙන
පියා සලනා කුහුඹුවන් මෙන්
එකම එක දවසක්
නිමේශයකුදු නොමැති අරුනැල්ලක්

පැතුම් පියාපත් බොඳවෙලා
ඉරිතලා අව්වෙන් දැවීයයි
මහා මේඝ අතරේ
අකුණු සැරයට හසුවෙලා

යදම් බැම්මෙන් යටවෙලා
පිළුණුවෙන ලේ දුගඳ අතරින්
සිනා සෙන මුහුණක්
සතුරු සෙවනැලි බිඳදමා

සිතෙහි අරුනැලි ඇහැරිලා
මිනිස්කම නම් වළා අතරින්
පොද වැස්ස අතරේ
නැවුම් මිනිසෙකු ඉපදිලා

රුසිරු බොතේජු

ෂ්‍රෝඩින්ගර් 3


ඌ මළා!
ඌ මළේ නැහැ,
වෙනස් වුනා!
වෙනස් වෙන්නෙත් නැහැ
දොර අරින්නම ඕනේ,
වහ බීලද?
බීල නැහැනේ!
අවුරුදු ගානක් ගියා
ඌ වහ බොන්නෙ නැහැ
මම ඕකව මරනව!
ඉස්සර වාගෙ නෙමෙයි
මූ වහ බොන්නෙ නැහැ
දුක තමයි
ෂ්‍රෝඩින්ගර්
උඹ මට කෙල කලා!

රුසිරු බෝතේජු

ෂ්‍රෝඩින්ගර් / ෂ්‍රෝඩින්ගර් 2 කියෙව්ව නං කථාව තේරෙයි 😦

Empty


Loosing faith
Loss of hope
Broken dreams
A man with no soul

Smiles of innocence
Mischief of love
Tunes of lonly guitar
Rhythm aching for love

Chill of lonly night
Absense of only light
Squeezing of heart tight
Loosing without fight?

Rusiru Boteju

ලේ විලක් මැද


කඳු මුදුන සිපගනී
අහස්තලයට එහා
බිම නොදකිනා ලෙසම
ගංගාව පසුකලා
කුංචනද පතුරමින්
මිහිමඬල කිතිකවා
ලේ බිඳිති ගලා එයි
කඳු මුදුන බිඳ දමා

කවුරුවත් ළං නොවෙයි
ලේ දුගඳ බියකලා
අහස්කුස දුක සිතා
කඳුලු බිඳු වත්කලා
ගලන ලේ ගංගාව
දසත පැතිරී ගියා
මිහිමඬල හිනැහුනේ
ගහ කොල ද බිඳ දමා

දුමාරය තවමත් නැගෙයි
රැය කෙමෙන් ලංවෙලා
වළාකුළු තවමත් හඬයි
මිතුර ඔබ කොහෙ කියා
කුංචනද නතරවී
මිහිමඬල ගොළුවෙලා
මළගමකි අද එතන
ලේ විලක මැදිවෙලා

රුසිරු බොතේජු

එක දවසක්


සඳ කිරණක් වෙලා
සුන්දර රැයක
නිල් ගුවනක් වෙලා
මිහිමඬල
ඒ මිහිර මතින්
පියඹා නැගුනාට
ජිවිතේ තව එක දවසක්
ගෙවිලා

මල් වරුසා අතරේ
පිනිබිඳු හිමකැට මත්තේ
නිල් ගුවනේ කඳු මිටියාවතේ
ඒ මිහිරෙන් මේ ලොව දුටුවේ

පියඹා සියොතුන් අතරේ
පිහිනා මින් රැල අස්සේ
වන වදුලේ මුව රැල මත්තේ
සිංහ රාවයක් සවනට වැටුනේ

රුසිරු බොතේජු

සිහිනයේ ආදරය


සිහින දේදුන්න අතරේ
සුමුදු මායාව රැඳුනේ
වළාකුළු පියන් මත්තේ
පියනැගුවේ…

මාගේ සිහින අතරේ
සුපිපුණූ මලක් මා දුටුවේ
ඔබ අසලමයි ආලේ
නවතින්නේ…

මිහිර දැනුනා මෙ මොහොතේ
ඔබගේ දෙතොල් අතරේ
සැඟවෙන්නටයි ඔබේ ළමැදේ
ආදරේ…

සුපිපෙනා වසන්ත කාලේ
මල් කැකුළක් වී පිබිදෙන්නේ
ඔබමයි මාගෙ සිහිනේ
දෙව්ලියේ..

නැවතත් ඒ සිහිනේ
නැවතෙන්න මා හද කීවේ
ඔබගේ ඒ ආලේ
දැනුනේ..

රුසිරු බොතේජු