ෂ්‍රෝඩින්ගර් 3


ඌ මළා!
ඌ මළේ නැහැ,
වෙනස් වුනා!
වෙනස් වෙන්නෙත් නැහැ
දොර අරින්නම ඕනේ,
වහ බීලද?
බීල නැහැනේ!
අවුරුදු ගානක් ගියා
ඌ වහ බොන්නෙ නැහැ
මම ඕකව මරනව!
ඉස්සර වාගෙ නෙමෙයි
මූ වහ බොන්නෙ නැහැ
දුක තමයි
ෂ්‍රෝඩින්ගර්
උඹ මට කෙල කලා!

රුසිරු බෝතේජු

ෂ්‍රෝඩින්ගර් / ෂ්‍රෝඩින්ගර් 2 කියෙව්ව නං කථාව තේරෙයි 😦

Advertisements

Empty


Loosing faith
Loss of hope
Broken dreams
A man with no soul

Smiles of innocence
Mischief of love
Tunes of lonly guitar
Rhythm aching for love

Chill of lonly night
Absense of only light
Squeezing of heart tight
Loosing without fight?

Rusiru Boteju

සිහිනයේ ආදරය


සිහින දේදුන්න අතරේ
සුමුදු මායාව රැඳුනේ
වළාකුළු පියන් මත්තේ
පියනැගුවේ…

මාගේ සිහින අතරේ
සුපිපුණූ මලක් මා දුටුවේ
ඔබ අසලමයි ආලේ
නවතින්නේ…

මිහිර දැනුනා මෙ මොහොතේ
ඔබගේ දෙතොල් අතරේ
සැඟවෙන්නටයි ඔබේ ළමැදේ
ආදරේ…

සුපිපෙනා වසන්ත කාලේ
මල් කැකුළක් වී පිබිදෙන්නේ
ඔබමයි මාගෙ සිහිනේ
දෙව්ලියේ..

නැවතත් ඒ සිහිනේ
නැවතෙන්න මා හද කීවේ
ඔබගේ ඒ ආලේ
දැනුනේ..

රුසිරු බොතේජු

අවසානය


වචනයක්වත් නොකියා…
වෙන්වී ගිය
අතීතය මතක් නොකර…
ගිනිගෙන දැවෙන හදට
පිදුරු දමන්නට
සිනාසී නිහඬව
කඳුළු තනිකර
පිය නගන්නට
ඉඩක් දෙනු මැන….

රුසිරු බොතේජු

සේයා


ඔබ දෑසේ සේයා
මා සිහිනේ සඟවා
සිත ඇතුලේ හංගා
හොර රහසේ මුමුණා
ආදරයේ ගංඟා
තරුකැට අතරේ රිංඟා
නිල්මිණි අතරේ හංඟා
ඒ ගීයේ ගැයුනා

මේ දෑසින් මුමුණන්නේ
ආදරයේ සංගීතේ
නිම්නාද දෙන්නේ
ආදරයයි සොඳුරේ

ඔබ හිනැහුනු ඒ සිහිනේ
තනිවෙන්නට හද මඬලේ
ආදරයයි හද පතුලේ
උණුසුමකින් සිටියේ
අප අතරේ බැඳි සෙනෙහේ
පැතිරේ හද පතුලේ
රුව දිස්වෙයි ඔබගේ
හැමවිට මා සිහිනේ

රුසිරු බොතේජු

මිහිරාවී


ඔබේ නෙතු අග
කඳුළු නොම රැඳෙනා
ඔබේ මුව අග
සිනහ මල් පිපෙනා
සඳයි තරුකැට තනිව මේ යාමේ
පෙමින් ළංවී ගයමු ගීරාවේ

මුවින් ගිලිහෙන
සොඳුරු ගී ඇසෙනා
සිනා මල්දම
ලොවම එළිය කරනා
මුවග රැව්දෙන මිහිරි ගී රාවේ
මතින් මත්වී සිටිමි ආශාවේ

ආදරය ගැන
ගේය පද ලියෙනා
ජීවිතය ගෙන
සොඳුරු තනු මැවෙනා
ඔබයි මාගේ සිහින තන්‍යාවී
සිහින ලෝකේ සොඳුරු මිහිරාවී

රුසිරු බොතේජු

සිත තනිකර


නිහඬ සිතක් නොකී කථා
මහ පොළොවට ඇද වැටිලා
ගංගාවක් පසුකරයයි
නිහඬ සොඳුරු ආදරේ

නිමේශයක්වත් සිත ලඟ
තනිවෙන්නට ඉඩ දෙන්නට
කඳුළු බිඳුවලන් වැසී
දෝර ගලනවා සිත දෝර ගලනවා

වේදනාව එබී බලන
හැම හුස්මම පසුකර යන
අපේ සොඳුරු සිනහ කථා
හඬා වැටෙනවා තනිකර හඬා වැටෙනවා

නුඹ ලඟ සිත නැවතෙන විට
එක හුස්මට හිත ගුලිකර
වේදනාව තනිකරමින්
වෙන්වී යනවා සිත වෙන්වී යනවා

රුසිරු බොතේජු