නිහඬ සිතුවිල්ල


නිහඬ සිතුවිල්ලක්
අසල තනිවීමි
ඇයි නිහඬ නුඹ
ඇසූවිට මා
සිනාසුනා පමණි
නෙතින් බිම බලමින්….
දෙනෙත් ඔසවා
මදෙස බැලුවිට
දුටිමි දෑසක්
බරවුනු වේදනාවෙන්…
ඇයි ඔබ වේදනාවෙන්
ඇසූවිට මා
සිනාසුනි නැවතත්
බිම බලමින්…

“ඇයි ඔබ මා හැරදමා
නැද්ද කාලය සිතන්නටවත්…”

රුසිරු බොතේජු

නිහඬයි


රාත්‍රිය අඳුරුයි
ගිමන් හල නිහඬයි
රුදුරු වැස්සේ සිසිල අතරින්
නිහඬ සඳ බැබලෙයි

ගෙවන මැදියම් රෑ
සොඳුරු තනිකමමයි
නිසල අහසේ රැඳී සිටියේ
වළාකුල පමණයි

අහස දැන් නිහඬයි
වළාකුළු නොමවෙයි
ඔබව හැරගොස් දමා ඇත්තේ
වළාකුල පමණයි

රුසිරු බොතේජු