මගේ කවිය


මම දන්නෑ දුයිෂෙන්
මම දන්නෑ ලොලීටා
ලීවේ මම කවියෙන්
ආදරය, ජීව්තය…
පොත් පත්,
අරුමොසම්,
සින්තටික් සිහින
දුවයාවි පසුකරන්
ජීව්තය මඟහැරන්…
ඉබ්බෙක්ට තටුඇවිත්
පියඹාවි අහසේ
රැඩිකල් ඒ සිත්තම
බොඳවේවි මනසේ…
රතු කවිය
කොළ ලොවිය
ජීව්තය කෙළමවිය
ලෙනිනුත් නැහැ
චේත් නැහැ
රත විතරයි
අන්තිමට…

රුසිරු බොතේජු

Advertisements

4 වසර


රිදුම් දෙන දෑසින්
Screen එක දෙස බලාගෙන
නිමකරන්නට
Project,
Defense,
කෝටියක් බලාගෙන
හතරවන වසර
වැඩක් වෙයිද?
දෙගිඩියාවෙන්….
නිදහසක් නැද්ද
Trip එකක් යන්න
රිදුම් දෙන දෑසට
නිදහසක් දෙන්න
කියවන්න පොතක්
සිහිනෙක සැඟවෙන්න
නැහැ නිදහසක්
පිරී ඇත
Research papers!
ඉවරවෙයි නේද මේක?
තව අවුරුද්දකින්!!!

රුසිරු බොතේජු

හදෙහි ගීතය


කවිය නුඹ විය
මුවග රැව්දෙන
සදාකාලික මතකයේ
දෙනෙත් හැරගෙන
දසත බලනට
ඉඩක් නොමැතිද ජීවිතේ

විසල් අහසක
පතුලෙ හිඳගෙන
නිශායාමය ගතකලේ
සිතක් නොමැතිද
මදෙස යොමුවන
දෙනෙත් සැමවිට
පැවසුවේ

හද සොරාගෙන
සිත වසන්කළ
දෙනෙත ඔබ කොහෙදෝ ගියේ
සිත පහන් කළ
සහන් ගීතය
අරුත නැත මට
වැටහුනේ

රුසිරු බොතේජු

නොඑන නින්ද


ඇද හැලෙන වරුසාව
නොනැවතී සුසුමටවත්
තැතිගන්වයි සිත
නිමේෂයක් ගතනොවී
ගුලිගැසී සයනයේ
පොරවගෙන රෙද්දකින්
සිත මැවූ සිහිනය
දකින්නට නෙත් තදකරන්
සිටියද පැය දෙක තුනක්
පෙරලෙමින් පොරවන යටින්
නොමැත නින්දක් දැනුන
අකුණු ගිගිරුම යටකරන්

රුසිරු බොතේජු