සෙවනැල්ල


විඩාපත් වෙයි මනස
දකිනවිට ඒ සේයාව
නිවසක් ගෙයක් පමණක් විය
තව මොහොතක් ඉඩනොදී…
උඹ ඉවූ බත් පිඬක් කන්නට
නැත මට වරම්
මගේ සුවදුක් අසන්නට
නැත මට කෙනෙක්…
සෙවනැල්ල නුඹවිය
මගේ හැම මොහොතෙම
අඳුර දුරුකළ පහන
නිවී ඇත…
නැත මට සෙවනැල්ලක්
කුමක් කරන්නද මම??

රුසිරු බොතේජු

විපරීත


ඔළුවට එන
වචන ටික
කියාගන්නට බැරුව
ලියාගන්නට බැරුව
ඉරට බැන බැන
හඳට බැන බැන
මටම බැන බැන
*******************
මිනිස්සු නොවෙද අපි
යන්තර වීද අපි….
අත තබමි
පපුවට.
ඇසුවට
හදෙහි රිද්මය සොයාගෙන
හැමදාම දැනුණු එකම තමයි
විස්වාස නැහැ මට
සොයමි පිහියක්
පලන්නට පපුව….

රුසිරු බොතේජු

නිදහස සොයා


ජීවිතේ ගෙවෙනකම්
මැරි මැරී ඉපදෙමින්
එක් මොහොතකට නැවතෙමින්
දිවි අවැසිවේ අවැසිවේ…..

තරඟයක් යැයි සිතා
දිවි වෙන්වුනත් මතකයෙන්
වේගයෙන් දිවයමී
දිවි සොයමිනේ සොයමිනේ…..

වළෘකුළුමත සිටන්
මුළු ලෝකයම පසුකරන්
සියොතුන් රැල තුටින්
මා පියඹමී පියඹමී…..

රුසිරු බොතේජු