නිමාවිය නුඹ


ගෙවී යත් දින
අසුරු සැනෙකින්
කෙසේ යන්නද
නුඹව හැර මම…..

අයනු ආයනු
කියනු බැරිසේ
එදා සිටියද
කුඩා උන් ලෙස……

මෙදා සිටිනා
පොඩි එවුන් හට
පෙනේ ඒ ලෙස
නොදන්නෙමු අප…..

කුසය හැරයන
ළදරුවකුසේ
නොහැඬුවද අප
උනුන් අභීයස……

තැනේ සිත්තුළ
වේදනා කඳු
වෙන්ව යන විට
ඒ හැඬුම් මැද……

සවිය විය නුඹ
සරින් මත් වුන
තුටින් ගයනා
ගීතයක් ලෙස……

දෙනෙත් අග රැඳි
කඳුලු බිංදුව
කියයි ලොවටම
නුඹේ වත ගොත……

තනයි මුව අග
සිනා රැන්දුව
නූඹේ මතකය
රැඳේ සිත තුළ…….

රුසිරු බොතේජු

Advertisements

10 thoughts on “නිමාවිය නුඹ

  1. ඇත්ත මචන්.. පිටින් ‍පේන්න අපි ‍හිටියට අපි ඇතුලින් අඬනවා. මට ඒක තේරෙන්න ටිකක් වෙලා ගියා. යාළුවො මාළුවො ඔක්කොම හදාගත්ත මේ පුංචි බිම් කඩ ඇතුලේ ඉන්න වරම් තියෙන්නේ තව ටික දවසයි.

  2. ලස්සනයි රුසිරු ලස්සනයි..
    දහසක් දුක් කරදර හදවතෙ සගවාගෙන
    සිනා සිනාසෙන්නෙමි මම
    ඔබෙ සිනාවෙනු දකුමට
    කටු පොකුර සිප ගන්නෙමි
    හෙට මලක් වනු පිණිස….

    අපි හැමොම එක මගක යන්නෙමු
    අදුරු අහස් ගැබ කෙලවර
    දිලෙනා සදවත දෙස බලමින්…

  3. @පහන් @පිටස්තරයා Life goes on කියල කියන්නෙ ඕකට නේද? “එකම නිත්‍යදේ අනිත්‍ය විතරයි…..”

  4. Great poem malli….It is a feeling that you can never ignore..but as always we are here in this world for a very small time and even within that time also we have to jump from one place to another.

    When we come to a place, with the permission to come in there is a implied advice , be prepared to go out one day !!!

    Hard to bear , but HAVE to!! We all have to obey that rule 😦 😦 😀

    • Yeah we all know its inevitable but still I cant believe that almost two and half years went so fast. And like you said “Hard to bear , but HAVE to!!”. We were a one family in good and bad we had our own disputes but still we were able to deal with it. The hardest part is the separation with your friends we might meet them but we cant hang around like we used to that is unbearable. But what to do life goes on and we have to keep up with it… and have to remember these faces for the rest of our lives cos we spent some special time here with them whatever the things happened………….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s