ආඳෝනාව


මුවා විය
සඳ දුටු විට
විඩාපත් දෙනෙත….
බිය වුවද
ඒ රැස් වලට
සෞම්‍යයයි එය….

හිරි වැටුනු
අත් දෙක
කුදු ගැසුණු සිරුර….
මවයි රුවක්
කිසිවෙකු නොදකින්නට
වෙර දරන…..

හැම හුස්මකම
තිබුණු උණුසුම
පහව ගොස් අද….
වේදනාව
ගලායයි දසත
සීතල සමඟ….

නොවෙනස් වුවද
මතකය
රැඳුනු සිත තුළ….
වෙර දරමි
දිවයන්නට
අතීතයට….
ගතට වඩා
සිත සවිමත් වූ
කාලයට….

රුසිරු බොතේජු

Advertisements

6 thoughts on “ආඳෝනාව

  1. ලස්සනයි කවි ටික…
    ඇතතටම් ලස්සනයි.. ගොඩක් හිතන්න පුලුවන් ඔයා ලියලා තියන විදියට…

  2. මගෙ හිත ගිය පැදිය


    හිරි වැටුනු
    අත් දෙක
    කුදු ගැසුණු සිරුර….
    මවයි රුවක්
    කිසිවෙකු නොදකින්නට
    වෙර දරන….. ”

    කියනවද මෙකෙ නිදාන කතාව? හැකිනම් විතරක්…

    • ඔන්න එහෙනම් කතාව….

      මම දෙල්කඳ හංදියෙන් බස් එකෙන් බැස්ස බෝඩිම තියෙන්නෙ ඒ හරියෙ හින්ද. මට ඉස්සරහින් (මීටර 50 විතර ඊටත් වැඩිද දන්නෙ නැහැ) හිටිය වයසක ආච්චි අම්ම කෙනෙක් සෑහෙන්න වයසයි කුදු ගැහිල පාර පනින්න බලාගෙනයි මේ ආච්චි හිටියෙ. මම ඒ හරියට ලංවෙනකොටම මාර්ග තදබදය අස්සෙ තිබුනු වෑන් එකක හිටපු මහත්මයෙක් ඒකෙන් බැහැල ඒ ආච්චි අම්මව පාර පැන්නුවා. එතකොට මේහෙම ලියන්න ඕනෙ කියල හිතුනෙ නැති වුනාට ඒ සිදුවීම සැහෙන්න හිතට වැදුනා. ඉතිං මම මේ වයසට මේ අවස්ථාවට පත් වුනොත් මට කොහාම හිතෙයිද? කියන හැඟිම තමයි හිත ඇතුලෙ තිබුනෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s