හිනාවෙයං


උඹ හිනා වෙන්නෙත් නැහැ..
උඹ කථා කරන්නෙත් නැහැ..
මම කරන දේකුත් නැහැ..
මම කරපු දේකුත් නැහැ..
නමුත් මේ නැහැඬියාව
සිහිගන්වයි නොයෙක්දේ
හොඳ නරක …
කරපු කියපු දේවල
හොඳ නරක …
කරන කියන දේවල
කථා කරපං ….
හිනා වෙයං ….

රුසිරු බොතේජු

Advertisements

ගෙවීයන


ගෙවීයන මග
දෙපා තබමින්
පාට ඉසිරුණු
හැන්දෑවේ…

ළබැඳි සුළඟක්
ගතෙහි දැවටෙයි
සිතුම් අභියස
හැමවෙලේ…

නිහඬ රැය විත්
බලා සිටියද
සුසුම් තැවරුනු
කවි පොතේ…

ගෙවීයන සැටි
බලාසිටිනෙමි
සොඳුර දැවටුණු
වසත්කලේ…

රුසිරු බොතේජු

නිමාවිය නුඹ


ගෙවී යත් දින
අසුරු සැනෙකින්
කෙසේ යන්නද
නුඹව හැර මම…..

අයනු ආයනු
කියනු බැරිසේ
එදා සිටියද
කුඩා උන් ලෙස……

මෙදා සිටිනා
පොඩි එවුන් හට
පෙනේ ඒ ලෙස
නොදන්නෙමු අප…..

කුසය හැරයන
ළදරුවකුසේ
නොහැඬුවද අප
උනුන් අභීයස……

තැනේ සිත්තුළ
වේදනා කඳු
වෙන්ව යන විට
ඒ හැඬුම් මැද……

සවිය විය නුඹ
සරින් මත් වුන
තුටින් ගයනා
ගීතයක් ලෙස……

දෙනෙත් අග රැඳි
කඳුලු බිංදුව
කියයි ලොවටම
නුඹේ වත ගොත……

තනයි මුව අග
සිනා රැන්දුව
නූඹේ මතකය
රැඳේ සිත තුළ…….

රුසිරු බොතේජු

ආඳෝනාව


මුවා විය
සඳ දුටු විට
විඩාපත් දෙනෙත….
බිය වුවද
ඒ රැස් වලට
සෞම්‍යයයි එය….

හිරි වැටුනු
අත් දෙක
කුදු ගැසුණු සිරුර….
මවයි රුවක්
කිසිවෙකු නොදකින්නට
වෙර දරන…..

හැම හුස්මකම
තිබුණු උණුසුම
පහව ගොස් අද….
වේදනාව
ගලායයි දසත
සීතල සමඟ….

නොවෙනස් වුවද
මතකය
රැඳුනු සිත තුළ….
වෙර දරමි
දිවයන්නට
අතීතයට….
ගතට වඩා
සිත සවිමත් වූ
කාලයට….

රුසිරු බොතේජු

නැවුම්


හිතමු අපි
අලුත් දෙයක්
අලුත් විදිහකට
වෙනස් තාලෙකට……

දකිමු අපි
හෙට පායන හිරු
වෙනස් තාලෙට
දීප්තියෙන් වැඩිව……

තනමු අපි
වෙනස් කරනට
ලෝකය නොව අපව
අපේ හදම……

කරමු අපි
වෙනස් ලොව්ම
අපේ වෙනස සමඟ
නැවුම් අදහස් ඇතිව……

අපි හිතමු…
අපි දකිමු…
අපි තනමු…
අපි කරමු…

රුසිරු බොතේජු