පුනරුත්පත්තිය


පාළුවූ සොහොනක
එක මලක් පිපීඇත
නැත,
අමතක කළේ,
මම නුඹ
කියනා අයුරින්…
නිසසල දෑස
ඇසිපිය නොගසා
බලාසිටිනුයේ,
වැලඳගනුවස්,
සොම්නස,
අලංකාරය…
විඩාව, තනිකම,
අත්හලද
මූසල, මුස්පේන්තු,
හැඟුමන්
නොයයි අතහැර
ආත්මය…
සෙනෙහසේ ඍතුව
එයිද ලඟ ලඟම
මේ සීතල මගහැර
උණුසුමක් රැගෙන…
ඇරඹුමට පෙර අවසානය
ලඟාවෙන බව හැඟුනද
රැක ගනිමි,
බලාපොරොත්තුව,
නැත හැරගොස් තවමත්…
උදාවන ශීත ඍතුව
ගෙවුනු වසන්තයට වඩා
උණුසුම් වන්නට
පැතුමක් අගනැවතී
බලාසිටී….
ඒ නිසසල දෑස
පුනරුත්පත්තිය කරා……

රුසිරු බොතේජු

Advertisements

2 thoughts on “පුනරුත්පත්තිය

  1. පැන්ඩෝරාගේ කතාවෙන් ඉතුරු වෙන එකම දේ බලාපොරොත්තුව නේද?

    අපි හැමදාම හීන මවනවා. ඒවා සැබෑ වෙන්න කියලා බලාපොරොත්තු තියා ගන්නවා. දවසින් දවස ගෙවන්න තරම් තණ්හාවක් මිනිස්සුන්ට දෙන්නේ බලාපොරොත්තුව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s