තරණය (කාල)


යාහැකිනම් අතීතයට
සිතන්නට විය දිනෙක
වැඩ ගොඩකින් පීඩිතව….
මට මොකද වුනේ
මම කොහෙද ඉන්නෙ
අද දිනේ කවදද
දැන් වෙලාව කීයද?
අම්මෝ
ඇති යාන්තම්
ඇවිත් මම
අතීතයට
දැන් වෙනස් කරමි
මම කරපු හැමදේම….
මම වගේම තවත් එකෙක්
කැම්පස් එකේ
ලෙක්චර් වල
ඌට හම්බවෙන
වැඩ කන්දරාව
දන්නෙත් නැහැ ඌ
තෙවන වසර තාම
පටන් ගත්තා විතරයි
උගෙ මුහුනේ සිනාරැලි
මගෙ මුහුණ රැලි වැටි
මට නම් තව
මාස දෙකයි
ඌට තව
මාස හයයි
කොහොමද මම
වෙනස් කරන්නෙ?
නැහැනෙ
මම අද මෙතන
බලන්නට මේ හදිය…

රුසිරු බොතේජු

පුනරුත්පත්තිය


පාළුවූ සොහොනක
එක මලක් පිපීඇත
නැත,
අමතක කළේ,
මම නුඹ
කියනා අයුරින්…
නිසසල දෑස
ඇසිපිය නොගසා
බලාසිටිනුයේ,
වැලඳගනුවස්,
සොම්නස,
අලංකාරය…
විඩාව, තනිකම,
අත්හලද
මූසල, මුස්පේන්තු,
හැඟුමන්
නොයයි අතහැර
ආත්මය…
සෙනෙහසේ ඍතුව
එයිද ලඟ ලඟම
මේ සීතල මගහැර
උණුසුමක් රැගෙන…
ඇරඹුමට පෙර අවසානය
ලඟාවෙන බව හැඟුනද
රැක ගනිමි,
බලාපොරොත්තුව,
නැත හැරගොස් තවමත්…
උදාවන ශීත ඍතුව
ගෙවුනු වසන්තයට වඩා
උණුසුම් වන්නට
පැතුමක් අගනැවතී
බලාසිටී….
ඒ නිසසල දෑස
පුනරුත්පත්තිය කරා……

රුසිරු බොතේජු

Assignment


නිදහසක් නැත මට
කථා කරනට උඹ සමඟ
ගොඩගැසී ඇත
assignment
මහමෙරක් කඳු වසා…
උඹේ ringcut එක
දුටු වෙලේ සිට
අවැසිය මට
කථාකරනට
නැත මට
එහෙත් නිදහසක්
ඇත presentation
පැය භාගයක් පුරා…
කවදා ඉවරවේවිද!
මේ assignment භීතිය
ආසයි නැවත යන්නට
ගෙවුනු සොඳුරු
දින කරා…
කිසිම assignment එකක් නොමැතිව
කථාකරනට උඹ සමඟ……

රුසිරු බොතේජු

කළු


මම අඳින්නෙ කළු
මගෙ කමිසෙ කළු
මගෙ කලිසම කළු
මගෙ කොණ්ඩෙ කළු
මගෙ හම කළු
මම කැමතිම කළු
මගෙ පැන්සල කළු
මගෙ පෑන කළු
මගෙ ජීවිතය???

රුසිරු බොතේජු

සෙවනැලි අතරේ (සොඳුරු තනිකම)


සොදුරු තනිකම
ඔබයි මාගේ මිතුරිය
මිතුරෙකු ලෙසින් පියනැගුවේ
මා සමගින් එදා
නිසංසලේ පියනැගුවේ
සෙවනැලි අතරේ…..
මාවත් ඔස්සේ පියනගනට
දිරිදුන්නේ
සුන්දර තනිකම
ඔබ විතරය අද
මා හා තනියට ඉන්නේ……
නිහඬ දෙතොල්
පවසන ගීයේ
අරුතින් මා සිත කැළඹේ
කැළඹුන සිත මගෙ
සන්සුන් කරනට
ඔබමයි දිරිදුන්නේ…..
අළුයම රෑ දහවල
අතරින් පියමැනි
කාලය නොම වැන්නේ
දිවියේ අරුතක්
දැනෙනා මොහොතක
ඔබමයි තනියට සිටියේ……
තනිකම අතරේ
බැබලෙන හැම කුසුමක සුවඳින්
ඔබගේ හඬ ඇසුනේ
වියැකුනු සෙනෙහස
ප්‍රේමය මුසු කොට
ඔබ මා හා නිතිරැඳුනේ
සෙවනැලි අතරේ……

රුසිරු බෝතේජු

Invisible


I’m here I’m alive
Can you see me
Helloo….
A man was born to see
To see the light of life
Filled with flesh and blood
Be seen by his own kind,
The drama to be said
The story of my life
Hello I’m alive,
I eat, I breath, I feel,
Can anyone please talk
Have you all gone blind
You do walk pass me
Feeling nothingness in your eyes
Went in-front of a mirror
Want to see with my own eyes
Can see nothing has changed
People do walk
Cars do move
But noticed a difference
Which is really odd
There is no one behind
No reflection of mine
Am I going blind?
Am I going insane?
I stopped to think for a while
Can remember the other mans eyes
I dunno what to believe
Am I dead?
Or am I alive?

Rusiru Boteju

මිනිස්සු


උඔ අමතක කළාට
මට මතකයි
තිබුනාද අපට ඉතිහාසයක්,
තිබුනාද අපට මතකයක්,
ජීවත් වෙනකොට
මේ ඔක්කොම
මිනිස්සු විතරයි
මම හොඳ වෙන්නැති
මම නරක වෙන්නැති
හැබැයි මම කරපු නපුර
කළේ තරහෙන් නෙමෙයි
අපි ඔක්කොම මිනිස්සු
හුස්ම ගන්න..
කන බොන..
මිනිස්සු
වේදනාව, දුක, තරහ, සතුට,
දැනෙන ‍මිනිස්සු
තිරිසනුන් ගෙන් වෙනස් වෙන
මිනිස්සු….
තිරිසනුන් ගෙන් වෙනස් වෙන
මිනිස්සු….

රුසිරු බොතේජු