සිහිවේ


සොඳුරු දිවියේ
සොඳුරු මොහොතකදී
දැනෙන හැඟුමන්
මිහිරියාවක් වී

ගාලා හැලෙනා
සිතුම් අතරේ
පිබ්දෙනා කුසුමක සුවඳින්
ඔබයි ළඟ සිටියේ

සොඳුරු වරුසා
ඇද හැලෙන මොහොතේ
ගයන ගීතිකාවක්වී
ඔබේ රුව සිහිවේ

ගීතිකා ගැයෙනා වෙලේ
සොඳුරු ඒ සිහිනයේ
ඔබයි සිටියේ
සිහිවේ මතකේ

රුසිරු බොතේජු

රා කට්ට


පළමු කෝප්පය:
වෙනසක් නැත,
පෙර මෙන් කථාව
දෙවන කෝප්පය:
තවමත් නැත,
වෙනසක්
තෙවන කෝප්පය:
ඇත පොඩි වෙනසක්
දමයි දහදිය
බමයි හිස,
නගන විට පිය
කෙලින් ගියද
සැකයි මට,
කෙලින් යන බවට
කළ හදිය
රා කට්ටක්…,

රුසිරු බොතේජු

හමුවේවි


සිත වෙන කොහෙද
මා ගාව නැහැ
සිනහවක් රැඳී ඇත
දෙනෙත් අග
නොමැකෙන ලෙස
උඹ මගේ සිත
ගෙන ගියේ කොහෙද?
සිත හොල්මන් කරන සිනහව
ඒ උඹේද?
ඒ ඇස් දෙක
අහිංසකද?
මට පේන හැටිද?
අනේ මංදා
කවදා හරි දවසක
උඹ හමුවේවි…

රුසිරු බොතේජු

සාපේක්ෂ


බමන්නට විය සිත
වේගයෙන්
නොනැවතී…
‍වෙහෙස නොතකා
ඇයි ලෝකය හෙමින්
සිතන්නට විය..
සිත,
වේගය,
නිශ්චල නොවන
හැම වස්තුවකම
දැවටී…
සාපේක්ෂව සිතන්නට
පුහුණු කළේ ඇයි?
උඹ හෙමින්
මම වේගවත්
ඔච්චම් කළේ ඇයි?
වෙනස,
ඔක්කාරයක් වී
හිරකරයි පපුව
හුස්මට ඉඩ නොදී…

රුසිරු බොතේජු

නුඹ කොහෙද


නිහඬබව නුඹ නැතිව
විඩාවකි හැම විටම
දුර කතර ගෙවන්නට…
රැකවරණය විය නුඹ
කිසිකෙනෙක් නොමැත මට,
සිනාසෙන්නට,
ලඟ රැඳෙන්නට,
කසිම දින තනි නොදැනි
සිටියේ නුඹයි මට…
ඒ පාළුව තනිකම
දැනෙන සීතලේ…
උණුසුම සොයමින්
තුරුලුවෙන්නට..
මගේ සෙවනැල්ල
නුඹ කොහෙද
අම්මේ…….

රුසිරු බොතේජු