Cold eyes


Lonely in this night
Don’t know what is happening
Everything is wild
Tell me what is right
Want to break free again
Don’t want your cold eyes

Lonely night
With dreamy clouds
And all the thoughts
Are filling up
Tells me what
Is going wrong
With every thought
Feeling dull
When all is bright
I never knew
Whats in your eyes
All that hope
Will disappear
With out a thought

All the days
We spent alone
And all the laughs
We had along
All are gone
With out a thought
And all alone
The lonely soul
Without a hope
Without a dream
Without a home
Live in side my
Lonely head
Good bye to all

Rusiru Boteju

Advertisements

විභාගය


මාස ගණනක්
බඩගගා දේශනවල
දෙක තුනක් පැය
එකම තැන
වැටෙමින් නිදිකිරා
අප උගත් දෙයක් නැත..
උඹ උගන් දෙයක් නැත..
මහන්සියෙන්
හොයාගෙන,
උගත් දෙයටත් කෙළකරන
විභාගය,
උඹටද??
ම‌ටද??
ලැබෙන ප්‍රතිඵලය
උඹටද??
ම‌ටද??
අනේ මංදා….
උඹ‌ට නං නින්ද යනවා ඇති
ඒත් මට…..
ලබන අවුරුද්දෙත්??????

රුසිරු බොතේජු

මොහොතක් විය


මොහොතක් විය
ජීවිතයම
ආදරයෙන් විඳින්නට
උත්සහගත්…

විඩාව
මඳක් පසෙකලා
හසරැල්ලකට
ඉඩහදන…

බලාපොරොත්තුව
තවත් එකක් නොව
සැබෑවටම
අත්විඳින…

සෙනෙහස
සතුට
මතකයේ
සදා රැඳෙන…

එවන්වූ
මොහොතක් කරා
බලාසිටිමි
ජීවිතය
පිළිගනිමින්…

රුසිරු බොතේජු

මට ඉඩදීපන්


උඹට මතක නැති උනාට
මට මතකයි හැමදෙයක්ම
ඒ මතකය මගෙ ඔළුවෙන්
විසිකරන්න ඉඩක් දෙන්න…
උඹ‌ට හොඳක් වෙන්න හිතන්
ඒ කියපු හැම දෙයක්ම
උඹම නපුරු කරන් සිතින්
කරන්නෙ උඹ ඒදේමයි…
මගේ හිතේ නපුරක් නැහැ
උඹ කරනා ඒදේකට
හිතේ ඇත්තෙ දුක විතරයි
එය වැඩි වෙයි හැම මොහොතෙම…
මගේ හිත….
මගේ කර….
මගේ ළඟ….
තියාගන්න ඉඩදීපන්……..

රුසිරු බොතේජු

රැයෙහි නපුර


මේ අඳුරු රාත්‍රිය
ඇයි මෙතරම් නිහඬ
සිහිනයක්වත් නොපෙනෙන
මේ රැය තුළ
නිදිවරන්නේ කෙලෙස…
මොහොතකවත් සැනසීමක්
සිතේ නොතිබ්බාට
සොඳුරු බවක් නැත
මේ රැය තුළ…
එය එතරම් නිහඬය
එය එතරම් අඳුරුය
එය එතරම් අප්‍රසන්නය…
විඩාබරවූ දෙනෙතින්
තරුකැට දෙස බැලුවාට
එහි තිබුනු සොඳුරු බවද
මේ රැය ඇත සොරාගෙන…
තනිකම අඳුර පාළුව
වසාලන මේ අඳුර
එතරම් නපුරුද?…
අඳුරට තනිකමට
ආදරය කළ සිත‌
දැන් කොහේද?…
ඇද හැලෙන වරුසාව
වැඩිකරත් ගුප්තබව නොනවත්වා
විඩාබරවූ දෙනෙතෙහි
බියක් රැඳී නැත.
නුඹටත් මේ රැය නපුරුද??

රුසිරු බොතේජු

අපේ Numeric තාලය/විනාශය


Romberg කියපන් කතන්දරේ
Newton ආව නේද කලබලේ
Lagrange දුන්න නේද හුටපටේ
සමීකරන දැක්කෙම නෑ මේවගේ

Euler වගේ හිටපු සෝබනා
Runge-Kutta දාපු ගමන් කෙල වුනා
Coefficient Matrixඋත් හිරවුනා
යන්තං LU දාගෙන බේරුනා

වැරදි කරන් අපිම ඒව හොයනවා
Truncation Error කියල කියන‌වා
Taylor අනේ හැමදේටම පනින‌වා
එක ගණනට ක්‍රම 2 3 තියෙන‌වා

Richardsonගෙ Extrapolate තියෙනවා
Simpson Trapezoidalඋත් තියෙනවා
Geometric Algebraic ඉන්න‌වා
නම් පැටලිල පොඩි බයකුත් හිතෙන‌වා

Syllabus එක ඉවර වෙන්න ලංවෙලා
කියපු ඒව ඔළුව ඇතුලෙ පැටලිලා
විභාගයත් අත ලඟටම ලංවෙලා
හිස් කොළයක් බලං ඉඳියි බය වෙලා

රුසිරු බොතේජු