අම්මේ


පුතේ උඹ කෑවද?
පුතේ උඹ බීවද?
ගෙදර එන්නෙ කීයටද?
කියූ ඒ හඬ…
නොඇසුනේ ඇයි?
දසමසක් මා කුසදරා
මට කවා පොවා
හැදූ වැඩූ ඔබ…
තව මොහොතක් මා අසල නොඉඳ
යන්නට ගියේ ඇයි?
හැම දුකේදී මෙන්ම හැම සැපේදීම
මට දිරිදෙමින් මාලඟ සිටි ඔබ
අද මේ පාළුව තනිකම
රජයන මොහොතේ…
මා අසල නොරැඳෙන්නේ ඇයි?
ස්නේහයෙන් බරවුනු ඒදෙනෙත්
තව මොහොතක් බලන්නට…
ආ‍දරයෙන් බරවුනු ඒ වදන්
තව මොහොතක් අසන්නට…
අද නොලැබෙන්නේ ඇයි?
ගෙදර ‍ආවිට අම්මේ කියා අඬ ගසන්නේ මා කාහටද?
අම්මේ මට බඩගිනියි කියා කියන්නේ මා කාහටද?
අම්මේ ඔබ සිටියයුතුම මොහොතේ අප තනිකර දමා
සදහටම යන්නට ගියේ ඇයි?

රුසිරු ‍බොතේජු

Advertisements

6 thoughts on “අම්මේ

  1. A touching poem my friend…a gd one…stay cool…life is like that…u never know whats gonna happen 2 ya…so live ur life the way u wanted it…

  2. අපි හැමොගෙම ජීවිතෙ,අපි නොදැනුවත්වම උනත් ලගම ඉන්න,අපිට සමීපම ජීවය අම්මා.ඒ සෙනෙහස ,ලෙන්ගතුකම ,ඒ ආදරය කවරදාවත් වෙන කිසියම්ම දෙකින් පුරවන්න බැහැ.

    කවිය කියන්නෙ හදවත බොහොම අතුලට කිදා බැහැල සිතිවිලි වචන කරන අපූරු ක්‍රරමයක්.ඒ හදවතෙ ගැස්ම වචන වලට අපි නොදැනුවත්වම පෙරලෙන නිසා.

    හිස කෙලින් තියාගමු මලයො….ජීවිතෙ තව බොහොම දුර තියෙනව අපිට යන්න…

  3. ජීවිතයේ අපි නොහිතන දේවල් නොහිතපු වෙලාවට සිද්ධවෙනකොට කාට උනත් දැනෙන්නේ දරාගන්න බැරි දුකක්..
    නමුත් මල්ලි, සැබෑ මිනිසෙක් කියන්නෙ ඒ සියල්ල සිත තුල දරාගෙන ලෝකයා සමඟ උරෙනුර ගැටෙන පුද්ගලයෙක්..

    රුසිරු, මම හිතන්නෙ උඹත් ඒ වගේ සැබෑ මිනිසෙක්! ගයාන් අයියා කිව්වා වගේ හිස කෙලින් තියාගෙන අනාගතයට පියනගමු.

  4. ජීවිතේ හැටි ඔහොම තමයි මචං. කවද හරි අපිටත් අපි ආදරය කරන හැමදේම දාල යන්න වෙයි.

  5. A very touching poem indeed. I know it’s very tough. One of the nightmares that people have to face at this age. But don’t worry, you can get through this!

  6. Hey,

    I know it’s too hard to hold on while your closest ones departs.But this is just life.We have to face it.
    ” Grief and sorrow do not come to us by chance. They are sent to us by the divine mercy for our own perfecting.”
    That’s one of my favorite quotes. Hope it will give a relief to you too.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s