සමුගැන්මට පසු


දකින්න ආසයි නැවතත්
ඒ දෑස් හොරෙන් බලනා හැටි
විඳින්න ආසයි නැවතත්
ඒ පහස සුසුමෙන් ඔබෙ ලැබුනාවූ
හැකිවේද නැවතත් එක්වන්නට
අනන්තයට මෙහා තව ලෝකයක


අඳුරු සෙවනැලි අතර දැනුනාවූ
තනිකම මොහොතකට නිවාලන්න
ඔබ එන මග බලන්නාවූ
දෑසේ වෙහෙස නි‍වාලන්න
හැකිවේද ඔබ‍ට එක්‍වරක්
මා අසල නිමේශයක් රැඳෙන්න


නිමේශයකි ඔබ‍ට එය
මට කල්පයකටත් වැඩිය
කඳුලක් නෙතින් නොවැටුනාට
සිත රිදුම්දෙයි ලෝදිය හැලියක් තුළ
එය සහනයක් වේනම් ඔබට
මටද එසේ වෙයි සදහටම….

රුසිරු බොතේජු

Advertisements

10 thoughts on “සමුගැන්මට පසු

  1. මෙන්න මුල්ම comment එක මගෙන්. . . My Favourite of the ones I’ve read from u so far bro. . . Keep it up. . .

  2. කාලයක් තිස්සෙ හොය හොය හිටපු වචන ටික උඹ ලස්සනට හිතට දැනෙන්න ලියල තියෙනව. Thanx
    අන්තිම ටික කියවද්දි ජෝතිපාලයන්ගෙ මේ සිංදුව මතක් උනා

    “උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
    සංවේගය ඉවසමි මම කදුළු සලාලා”

  3. “කාලයක් තිස්සෙ හොය හොය හිටපු වචන ටික උඹ ලස්සනට හිතට දැනෙන්න ලියල තියෙනව.”

    ඔව් ඔව්. . . මේක ලියන්න ඇත්ත හැඟීම දැනිලා තියෙන්න ඕන. දැනිල තියෙන අයට ‍කියෙව්වම හදවතටම වදිනවා. ඒක වෙන්න ඇති මමත් මේක කියවපු ගමන්ම මෙච්චර කැමති උනේ.

  4. ලඟදි වෙච්ච පොඩි සිද්ධියක් හින්දා හිතට මාර දුකක් දැනුනෙ……… තාමත් හිතට දුකයි……

  5. වචන නෑ බං කියන්න මට නම්, ඇත්තටම මරු මචං. මගේ හිතේ කැරකෙන එව උඹ කිව්වා වගේ. මාත් මගේ සුදුව දාලා සත් සමුදුරක් දුරින් ඉන්නේ… 😉

  6. one of the nicest poems i’ve read malli…kiyawana kota hithata danenawa…liyala hunga kalayak unath danui dakke..
    keep it up…digatama liyanna 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s