ඔබටමයි ලඳුනේ


ඔබගේ දෑස් අගින් දුටමී
ඒ වේදනා කඳුළු වෙන්වී යන සැටී….
වරද සිත ඇතුලේ දගකරයි
ඒ සිහිනයේ උණුසුම සදා රැඳේ….

සිතට නැගුනේ එය පමණයි
එය සිහිනයක්දෝ‍
ඔබගේ දෑස් ලඳුනේ…..
වීදියේ මායා අතරේ
සැරිසැරුවේ ඔබ පමණක්දෝ
ඔබටමයි ලඳුනේ……..

කයට ඇදෙනා ආතුරයන්
රන් කහවනු සයනේ අතුරමින්….
රැයට පමණක් පෙම් කරයි
එය සිහිනයක් පමණක්දෝ මට සිත කියයි….

නිශායම ගෙවෙනා වෙලේ
රැය අඳුරුවී තරුකැට දිලිසුනේ….
පෙර දින සැරිසැරූ වීදියේ
මග හලට වී ඔබ බලා සිටියි….

රුසිරු බොතේජු

Advertisements

9 thoughts on “ඔබටමයි ලඳුනේ

  1. ගොම්මන් වෙලාවට කලුවර වැටෙන කො ට
    සියොතුන් ඉගිල යනවා යලි නිවහන ට
    අබිසරු ලියන් දෙස උඹ බැලුවේ කුම ට
    පලයන් ගෙදර මහ රෑ වෙන කල් නොසි ට

    පද වැල ලස්සනයි !

  2. තාම පොඩි එකා සරසවියේ ඉන්නා
    දීපන් බහ කෙනෙකුට හරිහැටි දන්නා
    තැන ඉන්නෙ නොදන්නේද රෑ වෙනවා
    ඔහොම ගියොත් මවහට කීමට වෙනවා

  3. ගොම්මන් වුනේ මා යන කල නිවහන ට
    අබිසලු ලියන් ගොම්මනෙ මා නොදැක්ක ට
    ලීමට සිතුනි උන් වතගොත පද වැල ට
    සැමටම තුතියි පැවසූ ඔබෙ අදහස ට

  4. නැත්නම් දන්නෙ උඹ අබිසරු ලියන් ගැ න
    කොහොමද ලියන්නේ ඇස් කොන් වල වරු න
    සොඳුරු යුවතියක් ගුණදම් ගරු කර න
    හමුවෙන දාට පෑදෙයි උඹගේ නුව න

  5. රැවුල් ගස් දෙකක් මූණේ වවා ගෙ න
    කටින් කිරි සුවඳ තවමත් පෙරා ගෙ න
    හැමදින උදේ සරසවියට පිය නග න
    නොකරන් පුතේ වැඩ !! යලි මේ වගෙ අම න

  6. සත්තයි මාමෙ උන්වෙත මම ගොස් නැතුවා
    සමහරවිට මගතොට උන් දැක ඇතුවා
    උන්ගැන ලියන්නට මාගේ සිත් ඇතුවා
    උන්ගේ වරුන පෙරදින කවියට නැගුවා

  7. බඹා කෙටූ හැටියට මිහි මත දෙර ණ
    සිංහල ගති සිරිත් යහ ගුණදම් පිරු න
    දිවි හිමියෙන් ඔබට සිරිසැප ගෙන දෙව න
    සුකොමල යුවතියකි! ඔබ වෙත පිය නග න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s