සුබ නව වසරක්


නිමාවිය,
තව වසක් හදපිරි පැතුම් පොදි බැඳන්
පිය නගනුවස්
ඉදිරියට……
ගෙවූ වසර මොහොතක් මෙන් වුවද,
එහි ඇත දින 365
දුකද සතුටද
දෙකම එක් කළ…..
සීත ඍතුවේ සීතල,
තාම ‍දැනෙයි හදවතට
ඒ සීතලේ උණුසුම සොයමින්
පියනගමු……
ප්‍රීතිමත් සෞභාග්‍යමත්
හෙට දිනයකට,
සුබ පතමි සැමදෙනට
ලබන්නාවූ නව වසර
සුබෙන් සුබ වීමට….

රුසිරු බොතේජු

සමුගැන්මට පසු


දකින්න ආසයි නැවතත්
ඒ දෑස් හොරෙන් බලනා හැටි
විඳින්න ආසයි නැවතත්
ඒ පහස සුසුමෙන් ඔබෙ ලැබුනාවූ
හැකිවේද නැවතත් එක්වන්නට
අනන්තයට මෙහා තව ලෝකයක


අඳුරු සෙවනැලි අතර දැනුනාවූ
තනිකම මොහොතකට නිවාලන්න
ඔබ එන මග බලන්නාවූ
දෑසේ වෙහෙස නි‍වාලන්න
හැකිවේද ඔබ‍ට එක්‍වරක්
මා අසල නිමේශයක් රැඳෙන්න


නිමේශයකි ඔබ‍ට එය
මට කල්පයකටත් වැඩිය
කඳුලක් නෙතින් නොවැටුනාට
සිත රිදුම්දෙයි ලෝදිය හැලියක් තුළ
එය සහනයක් වේනම් ඔබට
මටද එසේ වෙයි සදහටම….

රුසිරු බොතේජු

සිහිනයේ මළබත


සොඳුරු ඡායා අතර සිරවී
ගෙවුනු මතකේ මිහිර සිහිවී
නිමේශයක්.
නවතින්නට හැකිනම්
ජීවිතේ………..
චන්ද්‍ර කිරණේ පැහැය අඩුවී
තවම සිහිනේ අතරමංවී
නිමේශයක්.
ඇහැරී ඉන්නට ඇත්නම්
සිහිනයේ……….


ඒකාකාරී ජීවන පිටියේ
ඔබෙ ආත්මයේ සුන්දර බව
දැනේවිදෝ………
වෙහෙසාකාරී ජීවන ගමනේ
මගෙ ආත්මයේ කඩතොළු මට
පෙනේවිදෝ………..


රැය පහන්වී හිරු උදාවී
හිරු හැරී ගොස් රැය උදාවී
ජී‍විතේ………
සිහිනයන්හී අතරමංවී
පෙරදින සිහිනෙක මළබත කන්නට මට
ලැබේවිදෝ………

රුසිරු බොතේජු

ඔබටමයි ලඳුනේ


ඔබගේ දෑස් අගින් දුටමී
ඒ වේදනා කඳුළු වෙන්වී යන සැටී….
වරද සිත ඇතුලේ දගකරයි
ඒ සිහිනයේ උණුසුම සදා රැඳේ….

සිතට නැගුනේ එය පමණයි
එය සිහිනයක්දෝ‍
ඔබගේ දෑස් ලඳුනේ…..
වීදියේ මායා අතරේ
සැරිසැරුවේ ඔබ පමණක්දෝ
ඔබටමයි ලඳුනේ……..

කයට ඇදෙනා ආතුරයන්
රන් කහවනු සයනේ අතුරමින්….
රැයට පමණක් පෙම් කරයි
එය සිහිනයක් පමණක්දෝ මට සිත කියයි….

නිශායම ගෙවෙනා වෙලේ
රැය අඳුරුවී තරුකැට දිලිසුනේ….
පෙර දින සැරිසැරූ වීදියේ
මග හලට වී ඔබ බලා සිටියි….

රුසිරු බොතේජු