පැන්සල


මම පැන්සලක් වීමි
ඇඟිලිතුඩුවල හිරවී…
අනුන් උගතුන් කරන්නට
වෙරදරන…..

රුසිරු බොතේජු

Advertisements

13 thoughts on “පැන්සල

  1. ලස්සන බ්ලොග් එකක්. තව ගොඩක් ලියන්න. සිංහල බ්ලොග් අඩවියට සාදරෙන් පිළිගන්නවා..

  2. සොඳුරු අනාගතයක් ඇති හෙට දව ස
    පදවැල නොකියවා ඉන්නේ නම් කෙලෙ ස
    මේ පිටු කියවන්න හැම දිනකම සව ස
    අවුරුදු විසි එකයි මේ කොල්ලගෙ වය ස

    කොල්ල කිව්වට තරහ වෙන්න එපා. ලස්සනට ලියන්න ආසයි කියවන්න.

  3. මාමේ තවම විසිඑක නම් කොල්ලා ට
    කැකුළෙකි තාම කොල්ලෙකු ලෙස පෙනුණා ට
    “නිල් දිගන්තයේ” දිවිරිලි දුටුවාම
    වයසට වඩා පැහිලා මූ නොපෙනේ ද

    :p

  4. අවුරුදු 21 වුනාට මගෙ වයස
    වයසට වඩා පැහිලා දෝ මගෙ මනස
    සිතුනේ නෑ මේ ගැන මට පෙරදවස
    ලියනෙමි තව නිමවන්නට කවි පිපස

  5. සුන්දර සිනාවට, මනසට හැඩ රුව ට
    ගලපන කවි පදේ පෙර “පීබී” ලෙස ට
    කවුරු මොනව කිව්වත් උඹෙ කවිවල ට
    ලියපන් පුතේ කවි කාටත් ඇඬෙන්න ට

  6. මාමේ කවි පදේ ඔබෙ මම දුටුවාම
    දැනුනේ සිතට සතුටක් නිම් නැති සේම
    පෙර දින කවි පදත් ඒ ලෙස අගනේම
    තුතිදෙමි ඔබට ඒ ඔවදන් දුන්නාට

  7. කොහොඹ රුකයි ලිය කරවිල සේම
    මාමට බෑණ එක්වී ගෙතු කවි ‍සෑම
    දිරියක් වෙන්න පතමින් මං හැමදාම
    නවතිමි.තිත තියමි මෙතෙකින් අද රෑම

  8. සුභ පැතුම් ! මාමයි, බෑණයි , අක්කයි එකතුවෙලා ලියපු කවිත් අගෙයි.මේ බ්ලොග් අඩවිය දකින්න ලැබීමත් සතුටක්

  9. සිව් පද පේලි තක්කෙට ගැලපෙන සේම
    අක්කා මාමා ලියු කවි පද අගනේම
    අක්කගෙ පැතුම් මතුදින ඉටුවන සේම
    ලියනෙමි ෙතලිතුඩෙන් මං තව කවිබෝම

  10. සිතුවට පුතා කිරි කොල්ලෙක් කියලා..
    වතගොත දනී කියනෙමි කවි ගොතාලා…
    කලේ විහිලුවකි නුඹ කවි බලාලා…
    ලියනෙමි නුඹට ලියුමට සුබ පතාලා..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s