Category: Uncategorized


Madness


too dark to see
this lonely night
winds are screaming
by my side
the fading shadow
of the hatred
blows my mind
untimed unkind
and the whisper
of a nightmare
haunting my head
no one care
fair sense is dead
never ending battle
of faith beliefs
recuperating
my final thoughts
the end is near
the haunting darkness
misleading start
towards the night
no soul is present
no laugh, cry nor sound
a purple sun
above the sky

Rusiru Boteju

ඡායාව


රාස්සිගේ අව්ව පහවන
ගොම්මනේ
වැහිවලාව අස්සෙන්
සඳ කිරණ
තෙත් බරවී කරවුනු
පාරට වැටී
තැති ගන්වයි
විඩාපත් සිත …
මාරයාගේ හෝරාවේ
කාත් කවුරුවත් නැති මාර්ගය
පාරට වැටුනු පොල් අත්ත
දරාගත නොහැකි සුළඟ
මුසුවී සීතල සමඟ
සිසිර ඍතුවේ
කරයි ඔච්චම්
තැතිගත් සිතට…
දෙනෙතින් දුටුවද
මනසට හසුනොවන ඒ ඡායාව!
අපැහැදිලි ඒ මිනිසා…
කවුරුද?

රුසිරු බොතේජු


ලියන්නේ මේ කව
ඔබ වෙතමය
ලොව අලංකාරම
මාංශ පේෂිය
දිග හැරෙන
හැකිලෙන
අලංකාරය….
මුසපත්වෙයි
රිද්මයෙන්
මා මනස.
සමවැදුනාක් මෙනි,
මා සිත ධ්‍යානයකට
පසුකර යන්නේ කෙලෙස මා….
වාරු නැත මා දෙපයට
ගමනාන්තය ලංවිය
ඔබ මගෙන් වෙන්විය….

රුසිරු බොතේජු

ඡන්දය


මදි මදි මදි
කෙළිනව මදි
මදි මදි මදි
රඟනව මදි
දියවන්නා
කෙළිබිම මදි

රට කරවන්නට
නළු නිළියෝ
ක්‍රීඩකයෝ
ටියුෂන්කරුවෝ

මදි මදි මදි
කෑවා රට මදි
මදි මදි මදි
උද්දමනය මදි
සිරි ලංකා
මේ දීපය මදි

අපෙ උතුමානන්
කියන නිසාවෙන්
දියවන්නාවෙන්
දිය කෙළියා මන්

මදි මදි මදි
ධූරය මට මදි
මදි මදි මදි
වාහන මට මදි
ආසනයේ
කටවුට් මට මදි

නාකින්ගෙ රටේ
ඇමතිකං ඇතේ
පුතුට පොත් නැතේ
පෝස්ටර් ඇතේ

රුසිරු බෝතේජු

Loneliness(no one to talk)


Not a single sound
None to talk
Just staring out there
Thinking what to do

Can’t hear the laughs
Not even a freaking sound
Where did all that noise go?
Started to think

No-one is here
All gone home
Where is my home
Thought for a while

What is a home
What differs from a house
Does people live there?
Wanted to see

Is it just my imagination
To feel the blunder of desperation
Broken hope with no emotion
Lonely soul is that emotion?

Rusiru Boteju

වෙහෙස


මොහොතක් ඉඩ දෙන්න
අඳුරේ නැවතී ඉන්න
අළුයමත් තවදුරද
ගෙ‍වා එන්නේ…
නිමේශයක් සැනසෙන්න
උණුසුම ලැබගන්න
මේ සිසිර ඍතුව
කවදා නිමාවෙන්නේ…..
පිබිදෙන සිහින අත‍රේ
හැරයන්‍න රුදුරු සිහිනේ
දැනෙනා පුරුදු හැඟුමේ
තනිවන්නේ…..
කිසිඳු හැඟුමක්
නොමැති මොහොතක්
සොයන ‍සයනේ
තනිවන්නේ….

රුසිරු බොතේජු


නිහඬවූ දෙතොල් අග
විඩාපත් කඳුලක් රැඳී ඇත
උණුසුමක් සොයමින්
රුදුරු මග පියනැගුවාට
මිනිසත් බවක්,
වන සතුන් මැද,
සොයන්නේ කෙලෙස……
උනුන් පරයා නැගෙන
ආත්ම වර්ණනා හැරලන්නට
මොහොතක් නිමේශයක්
රුදුරු ලොව හැරදමා
තනිවෙන්නට
අපේම ලෝකයක් තුළ……
නව අරුණලු පිබිදෙන
සො‍ඳුරු ලෝකයේ
මනුසත් බවේ නාමයෙන්
පිළිගනිමු ජීවිතය

රුසිරු බොතේජු

Follow

Get every new post delivered to your Inbox.

Join 140 other followers