සඳ කිරණ යටින් ඔබ එන්න
ඝන අන්ධකාරය බිඳලන්න
මොහොතක් නැවතෙන්න
ඒ සුසුම යටින් සිපගන්න
වේදනා….. කඳුළු අතරේ……
නොනැගෙනා මිහිර දැනුනේ…
ඔබ එන්න සිපගන්න
වළාකුල මතින් පැමිණෙන්න
ඔබ එන්න සවන් දෙන්න
ගීතිකා මුමුණන්න
මතකයේ ඡායා අතරේ
නොනැගෙනා සිහිල මතුවේ
දුහුවිල්ලෙන් නැළවිල්ලෙන්
ඡායාවෙන් මිනිස්කම වැගිර්
ඔබ එන්න සවන් දෙන්න
මොහොතක් ළඟින් නැවතෙන්න
සිපගන්න මුමුණන්න
තුරුලුවී සොවින් සැතපෙන්න
සොවින් දුකින් සිපගන්න
මොහොතක් නතර වෙන්න
වේදනා…. කඳුළු අතරේ….
සඳ කිරණක් එළිය දුටුවේ
මල් මත්තේ පියනැගුවේ
විහඟ ගීතේ නැළවූයේ
ඔබ එන්න සවන් දෙන්න
සඳ කිරණ යටින් එළියක් වෙන්න
ඔබ එන්න මුමුණන්න
ගීතිකා මතින් නැවතෙන්න……..
රුසිරු බොතේජු









ඇත්තටම ලස්සනයි..!
ස්තුතියි පොඩි මෙලඩියකුත් හිතේ තියෙනවා බලමු
nice.
well more nicer with the melody i guess
me LIKE
no see a post long time………………