Latest Entries »

නත්තල


මට බෑනෙ simple ඒව අඳින්න
අරයගෙ සාරිය 30,000
මම අඳින්න ඕන 50,000ක වත්
අරහෙ දවල් පාටියට
කෑම Galadhari එකෙන්
අපි ගේමු Gall Face එකෙන්
රෑට බොන්නෙ whiskey
Red label හරිනැහැ
අපි ගේමු Green හරි Blue හරි
පාටියෙ වැඩ හරි!
පල්ලි යන්න ඕනද?
ආහ්! මස් ගේන්න බැරිවුනානෙ
ඌරව මැරුවද දන්නෙ නැහැ
හරක් මසුත් ගේන්නම්
ස්ටූ එක හොඳයි බයිට් එකට
ගවලෙන නත්තල් ගහ සැරසුවාද?
තාම බිම polish කරල ඉවරත් නැහැ
එකොලහයි තිහයි
පල්ලි යමුද?
ඉක්මනට ලෑස්ති වෙන්න
දොළහයි කාලයි
යාන්තමි පල්ලි ආව
අන්තිම ආශිර්වාදෙට හිට්යැහැකි
කැරොල් දෙක තුනකුත් කියනවලු
දොළහයි තිහ වෙද්දි පූජාව ඉවරයි
මම කට්ටියට wish කරල එන්නමි

Wish you a merry Christmas!!

රුසිරු බොතේජු


තනි තරුවක්වී රෑ අහසේ
ඔබ පමණයි මා අසල සිටියේ
හද වේදනා විඳින මොහොතේ
අසලින් රැඳෙන් මාගේ සොඳුරේ

ආදරේ දැනෙන මොහොතේ
උණුසුමෙන් ඔබ අසලට ආවේ
තනිවෙන්න නමි අපේ ලෝකේ
ඉඩදෙන්න නැවතෙන්න ඔබේ ලමැදේ

සොඳුරුම විමනක් නැත්මුත්
වළාකුළු අතරේ තනි නොවුනත්
තනිවෙමු අපි අපේම ලෝකෙක
ජීවිතේ සොඳුරුම සමයක

කඳුලැලි සුසුමන් අතරේ
ඔබගේ සුවඳයි දැනුනේ
වේදනා නැගෙනා රාත්‍රියේ
තනිකමින් ඔබ මා අසලින් සිටියේ

ඔබටයි මේ ගීතයේ
පදවැල් තනුවැල් මුමුණන්නේ
ආදරේ ගැයෙන ගීතයේ
වේදනා කඳුලක් නොමවන්නේ

ජීව්තේ හැම මොහෙතක් අසලේ
ඔබමයි මාගේ සිතතුල සිටියේ
වේදනා නැගෙනා මේ යාමේ
මොහදේ සැමදා රැඳෙන්න සොඳුරේ

සිතින් මා වැරදී කලත්
ඔබේ සිතේ බොහෝ දුක් දුන්නත්
ඔබටයි මා ආදරේ මිහිරේ
සමාව දෙනුමැන මගෙ සොඳුරේ

ආදරේ කඳුලක් නොවැටී
ජීවිතේ සුවයහනක සැතපී
ඔබගේ සුසුම් අතරේ
රැඳෙන්නම් මේ මුළු දිවියේ

රුසිරු බොතේජු


නිහඬ සිතුවිල්ලක්
අසල තනිවීමි
ඇයි නිහඬ නුඹ
ඇසූවිට මා
සිනාසුනා පමණි
නෙතින් බිම බලමින්….
දෙනෙත් ඔසවා
මදෙස බැලුවිට
දුටිමි දෑසක්
බරවුනු වේදනාවෙන්…
ඇයි ඔබ වේදනාවෙන්
ඇසූවිට මා
සිනාසුනි නැවතත්
බිම බලමින්…

“ඇයි ඔබ මා හැරදමා
නැද්ද කාලය සිතන්නටවත්…”

රුසිරු බොතේජු


රාත්‍රිය අඳුරුයි
ගිමන් හල නිහඬයි
රුදුරු වැස්සේ සිසිල අතරින්
නිහඬ සඳ බැබලෙයි

ගෙවන මැදියම් රෑ
සොඳුරු තනිකමමයි
නිසල අහසේ රැඳී සිටියේ
වළාකුල පමණයි

අහස දැන් නිහඬයි
වළාකුළු නොමවෙයි
ඔබව හැරගොස් දමා ඇත්තේ
වළාකුල පමණයි

රුසිරු බොතේජු

Beast


The day starts with an ending
Where the two headed beast sleeps
The heads are facing each other
Reminds a hourly shape

Drums are too loud its a whisper
For a believer thats what he gets
Is just today or forever
It screams, sweet agony of pain

The beast’s head is moving
The eyes are still a sleep
Can hear the drums that whisper
Moves again to the beat

The beat started to rise
Beast shivers with pain
The screams of agony are louder
It’s eyes are now awake

Sparkling flames and agony
In eyes the screams of death
Midst screams it tore apart
Facing peace by death

Rusiru Boteju


Woke up this morning hoping for a new day
Living the life no one knows my way
Tell me where we went wrong, again
Headed for the cold looking for a new day
Never realized it was such a good time
Spent these years of my life for something
I am lost tonight

These iron bars felt like a prison
Staring at paradise couldn’t wait to live in
Another nightmare haunts me, again
Not a paradise just like the movies
Fighting all the way pressing some new keys
Don’t know how long can I keep, holding
I am lost tonight

This is the end we talked about
This is life can’t live without
When the memories flashes by
I wish I could go back now
When these dreams are on our own
Never want nightmares haunt us all
Look at the sky and wish for all
This is good bye

Rusiru Boteju


වෙන මළ ගෙවල්වල
කොඩිදාන්න
උඹත් එක්ක ගිය අපි
හිතුවෙනෑ කවදාවත්
උඹේ මළගෙටත්
කොඩිදාන්න වෙයිකියල
කොහොමද බං
හිත හදාගෙන
කොන්වොකේෂන් යන්නෙ
උඹ නැති…..
ගිලෙන්න යනාකොට
බේර ගන්න උඹ හිටියට
උඹව බේර ගන්න අපිට බැරිවුනා
උඹ අපේ වීරයා උනාට
අපිට උඹේ වීරයෝ වෙන්න බැරි වුනා
අනේ බං නැගිටපන්
තව එක ට්‍රිප් එකක් යන්න
තව එක කැරමක් ගහන්න
මේකත් තව විහිළුවක් නේද?

රුසිරු බොතේජු

පොත


පරණ පොත
උඹට හිතුන හිතුන වෙලාවට
කොළ ඉරල විසි කරන
පොත ඉවර වුනදාට??

රුසිරු බොතේජු


සඳ කිරණ යටින් ඔබ එන්න
ඝන අන්ධකාරය බිඳලන්න
මොහොතක් නැවතෙන්න
ඒ සුසුම යටින් සිපගන්න

වේදනා….. කඳුළු අතරේ……
නොනැගෙනා මිහිර දැනුනේ…

ඔබ එන්න සිපගන්න
වළාකුල මතින් පැමිණෙන්න
ඔබ එන්න සවන් දෙන්න
ගීතිකා මුමුණන්න

මතකයේ ඡායා අතරේ
නොනැගෙනා සිහිල මතුවේ
දුහුවිල්ලෙන් නැළවිල්ලෙන්
ඡායාවෙන් මිනිස්කම වැගිර්

ඔබ එන්න සවන් දෙන්න
මොහොතක් ළඟින් නැවතෙන්න
සිපගන්න මුමුණන්න
තුරුලුවී සොවින් සැතපෙන්න
සොවින් දුකින් සිපගන්න
මොහොතක් නතර වෙන්න

වේදනා…. කඳුළු අතරේ….
සඳ කිරණක් එළිය දුටුවේ
මල් මත්තේ පියනැගුවේ
විහඟ ගීතේ නැළවූයේ

ඔබ එන්න සවන් දෙන්න
සඳ කිරණ යටින් එළියක් වෙන්න
ඔබ එන්න මුමුණන්න
ගීතිකා මතින් නැවතෙන්න……..

රුසිරු බොතේජු


The problem is hard
As hard as it may be
To decide in a time
Polynomially

If P and NP
In the same clique
Can easily solve
The problem CLIQUE

There is an answer
For this problem hard
Solve using SAT
If you are smart

Need some tape
A read write head
To build a machine
Turing instead

Cook and Levin
Came in to action
To give a break
Overwhelming madness

If we prove
Using reduction
Thus they found
NP-Completeness

Rusiru Boteju

Follow

Get every new post delivered to your Inbox.

Join 131 other followers